“පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරන්න පොලිස් ඒකකයක් අවශ්‍යයි” – ඕමල්පේ සෝභිත හිමි

0
522

පසුගිය යහපාලන පාලන සමයේ රජය විසින් විසුරුවා හරින ලද පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සඳහා වූ පොලිස් ඒකකය නැවත පිහිටවන ලෙස ඕමල්පේ සෝභිත හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මින් පෙර යම් ස්ථානයක පුරාවිද්‍යා විනාශයක් සිදුවන විට එම ඒකකය මගින් ඒ පිළිබඳව විමර්ශනය කර සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන තිබුණා.

2016 වසරේදී යහපාලන ආණ්ඩුව මෙය විසුරවා හරින විට මෙම ඒකකය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු යටතේ නිලධාරීන් 40 දෙනෙක් පමණ සේවය කර තිබුණා.

(colombotimes.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here