දකුණු මුහුදේ රිච්ටර් මාපාංක 4.1ක භූ චලනයක්

0
342

හම්බන්තොට සිට කිලෝමීටර් 160 ක් ගිණිකොණ දෙසින් වන ගැඹුරු මුහුදේ භූ චලනයක් සිදුව තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, අදාළ භූ කම්පනය රිච්ටර් මාපකයේ 4.1 ප්‍රබලත්වයකින් යුක්ත බවය.

මෙමඟින් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් නොමැත බව අනුර වල්පොල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here