ඇඳිරි නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ.මීටත් වඩා සංචරණ නීති දැඩි කළ යුතුයි. කොවිඩ් පාලනයට කළ යුතු දේ මහාචාර්ය තිස්ස විතාරණ කියයි

0
303

කොවිඩ් වයිරසය සමාජ ගත වී ඇති බවත් එය පාලනය කිරීමට නිරෝධායන ඇඳිරි නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවත් වයිරසවේදය පිළිබඳ මහාචාර්ය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ පවසයි.

මාධ්‍යයට අදහස් දක්වමින් මහාචාර්ය තිස්ස විතාරණ ප්‍රකාශ කළේ දැනට ව්‍යාප්ත වී තිබෙන වයිරසය ආසාදිත වුවත් එමගින් සියයට 80 ක් වත් රෝග ලක්ෂණ නොපෙන්වන බවය.

එසේම සමාජයේ පුද්ගලයන් ගැවසෙන ස්ථානවල වැඩි වශයෙන් පී.සී.ආර්. පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ යුතු බවද මහචාර්යවරයා මෙහිදි අවධාරණය කළේය.

මෙම වයිරසය සමාජයේ ව්‍යාප්තවීම තවදුරටත් පාලනය කිරීමට නම් පවතින ඇඳිරි නීතිය මීට වඩා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here