2030 වන විට විදුලි අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින්

0
305

වර්ෂ 2030 වන විට මෙරට විදුලිබල අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මඟින් සපුරා ගැනීමට රජය සැරසෙයි.

ඒ සඳහා “අවම පිරිවැය, දිගුකාලීන ජනන සැලැස්ම 2022- 2041 නමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට විදුලි බල අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම ඉලක්කය රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් පළ කර ප්‍රසිද්ධ කිරීමටත් විදුලිබල පනත ප්‍රකාරව ඒ සඳහා වන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ ලංකා විදුලිබල මණ්ඩලය වෙත නිකුත් කිරීමටත් විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇත.

2030 වර්ෂය වන විට මෙරට විදුලි අවශ්‍යතාවෙන් උපරිමය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් ලබාගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සඳහන්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here