විවාහ උත්සවයකට සහභාගී වූ 46කට කොවිඩ් – නිරෝධනය කරන්න ගිය නිලධාරීන්ටත් ගහලා

0
334

සෞඛ්‍ය නීතිරීති නොතකා යාපනය, කරෙයිනගර් ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ පුද්ගලයින් 84 දෙනකුගෙන් පුද්ගලයින් 46 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

විවාහ මංගල උත්සවය පැවැත්වෙන ස්ථානයට ගිය යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් ඊට සහභාගි වී සිටි පිරිස නිරෝධායනයට ලක්කොට පසුව සිදු කළ PCR පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් හමු වී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ගිය සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනකුට මංගල උත්සවයේ සිටි පිරිසක් පහරදීම නිසා තරුණයින් තුන් දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් දෙදෙනකුටද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here