කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වලට අවශ්‍ය වන ජෛව සාම්පල ලබාගැනීමේ කටයුත්තෙන් රජයේ රෝහල්වල හෙද නිලධාරීන් පිරිසක් වැළකී සිටින බව වාර්තා වනවා.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ හෙද කාර්ය මණ්ඩලයට මෙම නිදර්ශක ලබාගැනීම රාජකාරී මට්ටමින් පවරා නැති නිසා තම සංගමය මෙම රාජකාරීන් ඉවත් වීමට තීරණය කළ බවයි.
මෙම ඉවත් වීමට හේතු වී ඇත්තේ කොරෝනා වසංගතය ආරම්භයේ සිටම හෙද නිලධාරීන් මෙම කාර්යයේ යෙදී සිටියද එය ඔවුන්ගේ රාජකාරියක් බවට ලිඛිතව නිල වශයෙන් පවරන ලද ලෙස අමාත්‍යංශයෙන් ඉල්ලුවද එය මෙතෙක් සිදුකර නොමැති වීමයි.
රාජකාරි වගකීමක් නැතිව යම් ප්රශ්නකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එය හෙද කාර්ය මණ්ඩලයට අයත් නොවන රාජකාරියක් ලෙසට ගැටළු ඇතිවන නිසා රාජකාරියක් සේ ලිඛිතව පවරන ලෙස ඉල්ලුවද මෙතෙක් එය ඉටුවී නැතැයි ද ඔහු වැඩිදුරටත් පවසනවා.