සිසුන් 200ට අඩු පාසල් ඔක්තෝම්බර් විවෘත වෙයි

0
412

සිසුන් දෙසීයකට අඩුවෙන් අධ්‍යාපනය ලබන පාසල් අධ්‍යයන කටයුතු සඳහා ලබන ඔක්තෝබර් මාසයේදී විවෘත කිරීමට හැකි බවට, ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර ඇති තාක්‍ෂණික කමිටුව විසින් නිර්දේශ ලබාදී ඇති බව වාර්තා වනවා.

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා කොවිඩ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් පිහිටුවා ඇති තාක්‍ෂණික කමිටුව සිය නිර්දේශ ලබන සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.

සිසුන් 200කට අඩු පාසල් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් ගම්බද ප්‍රදේශවල ඇති බැවින්, එම පාසල් සෞඛ්‍ය නිර්දේශවලට අනුව මුලින්ම අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here