ඇති හැකි අයටයි , නැති බැරි අයටයි ඇදිරිනීතිය වෙන වෙනම

0
369

ඇති හැකි ජනතාවට එක්විදියකටත් නැති බැරි ජනතාවට තවත් විදියකටත් බලාත්මක වන ඇදිරිනීතියෙන් ඇති ප්‍රයෝජන කුමක්දැයි ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ප්‍රශ්ණ කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පණවා ඇති නිරෝධායන ඇදිරිනීතිය කිසිසේත් ප්‍රායෝගික නොවන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් කොවිඩ් ප්‍රතිකාර සිදුකරන රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබා දීමේ වැඩපිලිවෙල යටතේ අද කොළඹ ජාතික රෝහල වෙත එම භාණ්ඩ ලබා දීම සිදු කෙරුණා.

ඊට සහභාගී වෙමිනුයි එහි දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම අදහස් පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here