එක්සත් ජාතික පක්ෂයේ ඔන්ලයින් සමුළු සිකුරාදා සිට ඇරඹෙයි

0
303

එක්සත් ජාතික පක්ෂයේ 75වන සංවත්සරයට අදාළව පැවැත්වීමට සැලසුම් කළ “ඔන්ලයින් සමුළු 75” වැඩසටහන මෙම සතියේ සිට ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ ජන්ම දිනය යෙදෙන ලබන සිකුරාදා (17) දින සිට මෙම සමුළු ආරම්භ කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

පක්ෂ සම්මේලනය අවසානයේ සමස්ත රටම ආවරණය වන පරිදි ඔන්ලයින් සමුළු 75 ක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබිණි.

මෙම ඔන්ලයින් සම්මන්ත්‍රණ 75න් ලැබෙන ප්‍රතිචාර පදනම් කර ගනිමින් ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රයක් ස්ථාපිත කිරීමටත් ඊට අමතරව ඔන්ලයින් ක්‍රමවේදය අනුව රට පුරාම සාමාජිකයන් බඳවා ගැනීමටත් එක්සත් ජාතික පක්ෂය තීරණයට එළැඹ තිබේ.

ඔන්ලයින් සමුළු ඇරඹීමට සමගාමීව පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීමේ කටයුතුද ආරම්භ කරන ලෙස ද පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නිලධාරී මණ්ඩලයට උපදෙස් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here