පාස්කු ඉරුදින සිද්ධියට සම්බන්ධ නවුෆර් මවුලවි ඇතුළු 25කට එරෙහිව නඩුව කැඳවීමට දින නියමකෙරේ

0
420

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළව විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොණු කර තිබෙන නඩුව කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

ඒ අනුව එම නඩුව ඔක්තෝම්බර් 04 වැනිදා කැඳවීමට නියමිතයි.

සභාපති විනිසුරු දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනුයි එම නියෝගය නිකුත් කර ඇත්තේ.  

මෙම ස්වයං ඝාතක ප්‍රහාර මාලාවට අදාළව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා  23,270 ක් එම විත්තිකරුවන් 25 දෙනාට ගොනුකර ඇත.

ඒ අනුව මෙම නඩුවට අදාළව චෝදනා එල්ල වී ඇති මුස්ලිම් මවුලවිවරුන් ඇතුලු 25 දෙනෙකුට අදාළ දිනට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here