ජේතවන ස්ථූපය අනතුරේ ! තැන් දෙකකින් පැලෙයි.

0
437

අනුරධපුර ජේතවනාරාම ස්ථූපයේ යළිත් පැළුම් කිහිපයක් හටගෙන ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා සඳහන් කළේය.
ඒ මහතා පෙන්වා දෙන්නේ ස්ථූපයේ හතරැස් කොටුව ආසන්නයේ සිට ගර්භය දෙසට මීටර් 5 ක් පමණ දිග පැළුම් 2 ක් පමණ හඳුනා ගෙන ඇති බවයි.
මිට පෙරද ජේතවන ස්ථූපයේ පැළුම් කිහිපයක් හටගත් අතර එය ප්‍රතිසංස්කරණය කෙරුණේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු වූ මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් උපදේශක කමිටුවක් නිර්දේශ මතයි.

කෙසේ වෙතත් නැවත හටගෙන ඇති මෙම පැලුම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු පැවසී ය.

අඩි 269 ක් උසින් යුත් ජේතවනාරාම දාගැබ සැලකෙන්නේ ලොව විශාලතම ගඩොල් නිර්මාණය ලෙසයි.

කිස්තු වර්ෂ 273 ත් ක්‍රිස්තු වර්ෂ 301අතර රජකම් කළ මහසෙන් රජු විසින් ඉදිකළ මෙහි බුදුන් වහන්සේගේ පටී ධාතුව තැන්පත් කර ඇති බව වංශ කථාවල සඳහන් ය.

අනුරාධපුර යුගයේ පරිහානියත් සමග ගරා වැටී තිබූ මෙම දාගැබ මීට වසර කිහිපයට පෙර මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ප්‍රතිසංස්කරණය කෙරිණ.

කෙසේ වෙතත් නැවත හටගෙන ඇති මෙම පැලුම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු පැවසී ය.
අඩි 269 ක් උසින් යුත් ජේතවනාරාම දාගැබ සැලකෙන්නේ ලොව විශාලතම ගඩොල් නිර්මාණය ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here