ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා තලේබාන්වරුන්ට එරෙහිව යයි.

0
435

තලේබාන් සංවිධානය විසින් පිහිටවූ රජය පිළිනොගන්නා ලෙස ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ තානාපති ගුලාම් අයිසාකි ඉල්ලා සිටියි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් ඇෆ්ගනිස්තාන නියෝජිතයා සදහන් කර ඇත්තේ,තලේබාන් සංවිධානය විසින් ඡන්ද බලයෙන් පත්වූ ආණ්ඩුව ඉවත් කර බලහත්කාරයෙන් බලය අල්ලාගෙන ඇති බවයි.

එබැවින් ,තලේබාන් අන්තර්වාර පාලනය පිලිනොගන්නා ලෙස හෙතෙම ආරක්ෂක මණ්ඩලය හමුවේ අවධාරණය කර තිබේ.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය තුළ දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුකරන බවට පැහැදිලි සාක්ෂි ඇති බව සදහන් කර ඇති තානාපතිවරයා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද සදහන් කර තිබේ.

තලේබාන් නායකයන් වෙත පවතින අන්තර්ජාතික ගමන් තහනම් පිළිබද යළි සලකා බලන ලෙසද ඔහු මෙහිදී ඉල්ලා ඇත.

තානාපති ගුලාම් අයිසාකි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ,ඇෆ්ගනිස්තානයේ තත්වය නිරීක්ෂණය කිරීම සදහා එක්සත් ජාතීන් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් ද පිටත් කර යැවිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here