Friday, November 15, 2024

එජාපය ඇතුලේ නැවතත් අර්බුද – පිල් දෙකක් දෙපැත්තට අදියි

එක්සත් ජාතික පක්ෂය තුන නැවතත් අභ්‍යන්තර සටන් හටගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව පවසන්නේ රනිල් වික්‍රමසිංහ ,වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන ඇතුළු කණ්ඩායම සමඟ රවී කරුණානායක නවීන් දිසානායක අර්ජුන රණතුංග ඇතුළු පිරිස පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරන බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය විවිධ අවස්ථා වලදී විවේචනයට ලක් විය. මේ වන විටත් ඒ පිළිබද දැඩි කතා බහක් ඇති වී තිබේ. වජිර ප්‍රමුඛ කණ්ඩායම එක පැත්තකටත් රවී ප්‍රමුඛ කණ්ඩායම තවත් පැත්තකටත් කඹ අඳිමින් සිටින අතර මෙම ගැටුම් සඳහා එජාප පළාත් පාලන නියෝජිතයින් ද දෙපිරිසකට කැඩී ඇති බවත් සඳහන් වේ.

කෙසේ වෙතත් අප එජාප සංවිධායකවරුන් කිහිප දෙනෙකුගෙන්ම විමසු විට ඔවුන් පැවසුවේ පක්ෂය නිවැරදි මාවතකට ගත යුතු බවත් පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීමට වැඩපිළිවෙලක් අවශ්‍ය බවත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles