Friday, November 15, 2024

ජනතාව මේ මොහොතේ රජයෙන් විවිධ දේවල් ඉල්ලිය යුතු නැහැ – ජනතාව පරිත්‍යාග කළ යුතුයි

රටක් හැටියට ජනතාවක් හැටියට මේ මොහොතේ විවිධ පරිත්‍යාග කළ යුතු වෙලාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එසේ නැතිව විවිධ වරදාන වරප්‍රසාද මේ මොහොතේ ඉල්ලිය යුතු නැතැයි ද එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.

100,000න් ඉහල ආදායම් සදහා බද්දක් අය කළ යුතු බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් කළේද ඒ අර්ථයෙන් ම විය හැකි බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles