චීනයේ නගරයක් කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස නම් කෙ⁣රේ

0
378

නැගෙනහිර චීනයේ ෆුජියෑන් ප්‍රාන්තයේ  ෆෙන්ග්ටින්ග් නගරය කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස නම්කර තිබෙනවා.

ෂින්හුවා පුවත් සේවය වාර්තා කළේ දින දෙකක් තුළ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු හදුනාගැනීමත් සමගම ප්‍රාදේශීය බලධාරීන් සීමා පැනවීම් සිදුකර ඇති බවයි.

රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් බවට සැක කළ හැකි තවත් පුද්ගලයන් 21 දෙනෙකු රදවාගෙන ඇති බවද සදහන්.

ඒ අනුව නගර වැසියන්ට නිවෙස්වල සිට සිය රැකියා කරන ලෙස දැනුම් දී ඇති අතර සියලුම ආකාරයේ මහජන ඒකරාශිවීම් ද තහනම් කර තිබෙනවා.

ෂින්හුවා පුවත් සේවය වැඩිදුරටත් සදහන් කර තිබුණේ, අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙනයාමට අවසර දී ඇතත් ඒ ද දැඩි සීමාකිරීම්වලට යටත්ව බවයි.

පැතිරයමින් ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බැවින් මෙළෙස දැඩි සීමා පැනවීමට සිදුව ඇති බව ප්‍රාන්ත බලධාරීන් සදහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here