අපි එන්නකරණයෙන් ලෝකයේ පළමුවැනියා – දැන් රෝගීන් අඩුයි.

0
363

ශ්‍රී ලංකාව එන්නකරණයෙන් ලෝකයේ පළමු ස්ථානයට පත් වී ඇති බවත් ලොව පුරා තත්වය සමග බලද්දී එය සතුටු විය හැකි තත්වයක් බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

අද වන විට සෑම රෝහලකටම කොරෝනා ආසාදිතයන් පැමිණීමේ අඩුවක් ඇති වී තිබෙන බවත් එයින් පෙනී යන්නේ වෛරසය පාලනය වී ගෙන යන බවද ඔහු පැවසීය.

රජය සෑම විටම වෙහෙසෙන්නේ කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here