දේශපාලනඥයින්ගේ තීන්දු වලින් උමාඔය ජනතාව දුක්විදිනවා

0
394

උමා ඹය ව්‍යාපෘතිය  කරන්න අනුබල දිපු නිලධාරින් හා දේශපාලනඥයින් එහි ජනතාව විඳින දුක හා ඔවුන් මුහුණ පා ඇති දුක්ඛිත තත්ත්වය තේරුම් ගැනීමට එහි නිරික්ෂණයක් කළ යුතුව ඇතැයි ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මහතා පැවැසීය.

උමා ඔය ව්‍යාපෘතිය  මෑත කාලයේ අසාර්ථක වූ ව්‍යාපෘතියක් බවත් එය තවමත්  කරගෙන යන බවත් කී ඒ මහතා දැනට ඉදිකර ඇති කිලෝමීටර් 6ක ප්‍රමාණය හේතුවෙන් පාරිසරික ගැටලු රැසක් ඇතිවී ඇතැයිද කීවේය.

දේශපාලනඥයින්  යනු නිලධාරින්ගෙන් බුද්ධිමතුන්ගෙන් උපදෙස් ගන්න අය නොවන බවත් මෙවැනි ව්‍යාපෘතිවලට  මධ්‍යම පරිසර අධිකාරියෙන් හෝ වෙනත් ආයතන වලින් පාරසරික ඇගැයීම් වාර්තා අවශ්‍ය වුවත් ඒ පිළිබඳ අවධානය යොමුකර නැති බවත් කටුපොත මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here