තලේබාන් තර්ජන හමුවෙි රට හැරගිය බාක්සිං ශූරිය

0
377

ඇෆ්ගනිස්ථාන බොක්සිං ශූරියක් වන සීමා රෙසායි තලේබාන් සංවිධානය විසින් සිදු කළ මරණීය තර්ජන හමුයේ කටාර් රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය පවුල හැරදා තනිව රට හැරයාමට ඇය තීරණය කර ඇත්තේ සිය බොක්සිං පුහුණු වීම් කටයුතු ආරම්භ කිරීමට බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

කටාර් රාජ්‍යය වෙත ගොස් සිටින ඇය මේ වන විට ඇමරිකානු වීසා බලාපොරොත්තුවෙන් සිටින බව ද වාර්තා වේ.

තලේබාන් සංවිධානය පසුගිය අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානය අත්පත් කරගන්නා විට දී සීමා රෙසායි සිය පුහුණුකරු සමග බොක්සිං පුහුණුවීම් වල නිරතව සිට ඇති අතර වරින්වර ලිඛිතව තලේබාන් සංවිධානය විසින් තර්ජනය කර ඇත්තේ පිරිමි පුහුණුකරුවකු සමග සිදු කරනු ලබන පුහුණුවීම වහාම නතර කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here