Saturday, November 16, 2024

නිදහස් අධ්‍යාපනයේ සම අයිතිය නැති කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා – රුවන් විජයවර්ධන

කොරෝනා වසංගතය හමුවේ ඔන්ලයින් අධ්‍යාපනය ලබාගන්නා දරුවන්ට අත්‍යවශ්‍යම උපකරණ වන සන්නිවේදන උපාංගවල ද මිල ඉහළ යන ආකාරයට ආනයන රෙගුලාසි පැනවීමෙන් නිදහස් අධ්‍යාපනයේ සම අයිතිය නැති කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය

ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීම උදෙසා මාපියන් ඉතා අපහසුවෙන් දරුවන්ට ජංගම දුකතන, පරිගණක මිලදී ගෙන දීමට කටයුතු කරන වකවානුවක, සන්නිවේදන උපකරණ ද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කාණ්ඩයට දමා ආනයන රෙගුලාසි පැනවීමෙන් ඒවායේ මිල දෙතුන් ගුණයකින් ඉහළ යා හැකි බවද විජයවර්ධන මහතා සදහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යහපාලන රජය සිසු පරපුරට නොමිලේ ටැබ් පරිගණක දීමට කටයුතු කරද්දී අද පාලනයේ සිටින කල්ලිය විරුද්ධ වූයේ නිදහස් අධ්‍යාපනය විනාශ කොට දුප්පත් දරුවන් තමන්ගේ එහෙයියන් කර ගැනීමට බව ඔවුන් ක්‍රියාත්මක කරන වැඩසටහන් මගින් පෙනී යන්නේ යැයිද නියෝජ්‍ය නායකවරයා කීවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles