භාවිතයට නොගන්නා ඛනිජ සම්පත් උපයෝජනයට යාන්ත්‍රයක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

0
329

මෙරට දැනට හදුනාගෙන ඇති නමුත් භාවිතයට නොගන්නා ඛනිජ සම්පත් උපයෝජනයට යාන්ත්‍රයක් සකස් කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම ඛනිජ සම්පත් ප්‍රධාන කණ්ඩ 04 ක් යටතේ වර්ග කෙරෙනු ඇති.

ශක්තිජනක ඛනිජ / ෆෙරස් හා ෆෙරෝ ඇ⁣ලෝ කාණ්ඩය / ෆෙරස් ලෝහ / ලෝහමය ඛනිජ නොවන ඛනිජ වශයෙන්.

ඉල්මනයිට් / සර්කෝන් / රූටයිල් හා මිනිරන් වන ඛනිජ වර්ග හැර අනෙක් ඛනිජ ද්‍රව්‍ය උපයෝජනය සම්බන්ධ රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණවත් අන්දමින් සිදුනොවන බවයි කැබිනට් මණ්ඩලයට පෙනි ගොස් ඇත්තේ.

එබැවින් එම ඛනිජ ද්‍රව්‍ය විධිමත්ව ආර්ථික වශයෙන් ප්‍රයෝජනයට ගැනීම සදහා සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීම පිණිස කේෂත්‍රයේ විශේෂඥ කමිටුවක් පත් කිරිමටත් එම කමිටු නිර්දේශ අනුව ඉදිරියට කටයුතු කිරීමටත් කැබිනට් මණ්ඩලය එකග වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here