නොවැම්බරයේ පුදුම වීම⁣ට සූදානම් වන්න

0
329

දේශීයව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ 129 ක් ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර ඇත්තේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

අද පෙරවරුවේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා කියා සිටියේ රටක් ලෙස ඉදිරියට යාමට නම් දේශීයව නිෂ්පාදනය කළ හැකි සියල්ල රට තුළ නිෂ්පාදනය කල යුතු බවයි.

පවතින අර්බුදකාරි තත්වය හමුවේ වෙළෙන්දන් විසින් භාණ්ඩ සගවා තිබීම වැලැක්වීමට හදිසි නීති රෙගුලාසි පැනවූ බවයි එස් එම් චන්ද්‍රසේන මහතා කියා සිටියේ.

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී හදිසි නීතිය පැනවීම සහ ඒ සඳහා හමුදා නිළධාරින් යෙදවීම සමබන්ධයෙන් අවධානය යොමු වීම පිළිබදව මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මෙි අතර නොවැමිබරයේ සියලු දෙනාම පුදුම පිළිගත හැකි ,රට සංවර්ධනය වන ,කිසිවෙනු බලාපොරොත්තු නොවන විප්ලවීය අයවැයක් බැසිල් රාජපක්ෂ මහතා විසින් ගෙනෙන බවත් ඔහු මෙහිදී පවසා සිටියේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here