Saturday, November 16, 2024

ටොෂීබා සමාගම චීනයෙන් යයි.

ලෝකයේ ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගමක් වන ජපා⁣නයේ ටොෂීබා සමාගම චීනයේ ඩාලියෑන්හි පිහිටුවා තිබූ සිය කර්මාන්ත ශලාව ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ.

ඊට හේතුව ලාභය අවම වීම බව සදහන් කෙරැණත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දකුණු චීන මුහුදේ ගැටලු ඇතුළු ජපානය සහ චීනය අතර පවතින භුදේශපාලනික අර්බුදය මීට හේතුව බවයි.

චීනයේ පළමු ටොෂීබා කර්මාන්ත ශාලාව වූ මෙය වසර 30 ක් පුරා ක්‍රියාත්මක වූ අතර පුද්ගලයන් 650කට ආසන්න පිරිසකට රැකියා ලබාදී තිබිණ.

කාර්මික මෝටර සහ විකාශන ට්‍රාන්ස්ෆෝමර් නිෂ්පාදන මෙම කම්හල හරහා සිදුවූ බවත් ඒ හරහා චීනයට විශාල ආර්ථික වාසියක් හිමිව තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles