ලොහාන්ගේ සිද්ධිය ගැන එක්සත් ජාතීන්ගෙන් නිවේදනයක්!

0
429

‘සිරකරුවන්ට අයුතු ලෙස සැලකීම’ හෙළා දකින බවත්, ‘සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකම’ බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කොට ඇත.

“මැන්ඩෙලා නීතියට අනුව සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකමක්” යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය ට්විටර් පණ්වුඩයක් තබමින් සදහන් කොට ඇත.

එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය එන්නේ රාජ්‍ය ඇමති‌ ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි සිටි සිරකරුවන් දෙදෙනෙකු ඔහු ඉදිරියේ දණ ගැස්වූ බවට වාර්තා වීමෙන් පසුවය.

මවිරට පුවත්පත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here