‘දැන් අප කළ යුත්තේ ආනයන සීමා පැනවීම නෙවෙයි. ආනයන සීමා ලිහිල් කිරීමයි. එහෙත් ඒ ආනයන සීමා ලිහිල් කළ යුත්තේ අපේ ප‍්‍රතිපත්ති රාමුවට හානියක් නොවන විදිහටයි’
ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් තවදුරටත් අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කළ යුතු බවට රජයට යෝජනා කර තිබීම සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ආචාර්ය ජයසුන්දර මහතා මෙසේ කීවේය.
තමා මහ බැංකුවේ එම ප‍්‍රතිපත්තියට විරුද්ධ බවද ආචාර්ය ජයසුන්දර මහතා අවධාරණය කළේය.
අප ආනයන සීමා කළ යුතු තැන් තිබෙනවා. ඉන් එකක් තමයි ඉන්ධන. ඉන්ධන ආනයන සීමා කිරීම සඳහා අපට මිල ප‍්‍රතිපත්තියත් භාවිතා කරන්න වෙයි. ඒ ගෙන්වන ඉන්ධන ප‍්‍රමාණය සලාක නොකර පාරිභෝගිකයාට ලබාදීමට නම් අප ඉතාමත්ම ඉක්මනින් පුනර්ජනනීය බලශක්තිවලට යායුතුයි.
තෙල් ආනයනය සඳහා වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 5000 ක් වියදම් කරන රටට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කීපයක් ඇති කරගන්න බැරි ඇයි? එය කළ යුතුම දෙයක් බවද ආචාර්ය ජයසුන්දර මහතා කියා සිටියේය.
අපගේ ආනයනයෙන් කොටසක් අපනයනයට යොදා ගන්නා බැවින් එවැනි ආනයන සීමා නොකළ යුතු බවද එසේම අප තොරතුරු තාක්‍ෂණ ආර්ථිකයක් නම් හදන්න යන්නේ එයට අදාළ සියලූ ආනයනයන්ට ඉඩ ලබාදිය යුතු බවද ජයසුන්දර මහතා කියයි.
මේ අනුව විදේශ විනිමය කළමනාකරණය කරන්න මහ බැංකුව අවශ්‍ය පියවර ගන්න ඕන. එතකොට මහ බැංකුව අද කරන්න ඕන අපේ රටේ විදේශ විනිමය වෙළෙඳපොළේ, අපේ රටේ නිෂ්පාදකයගෙ සහ විශේෂයෙන්ම අපනයනකරුවන්ගේ විශ්වාසය වැඩිදියුණු වන වැඩකටයුතු සිදුකිරීමයි. මේ වසරේ (2021) දී තොරතුරු තාක්‍ෂණ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7 ක් කරගන්නත් අපේක්‍ෂා කරනවා. මේ ආකාරයට බිලියන දෙක, තුන සහ හතර වශයෙන් වැඩිකරගෙන අපේ රට අපනයනය වර්ධනය වන පැත්තට රට හරවන එක තමයි මහ බැංකුවත්, මහ බැංකුවේ මුදල් මණ්ඩලයත්, මහ බැංකු නිලධාරීනුත් කරන්න ඕන.
ඒ අනුව මමත් මහ බැංකුවට යෝජනා කළා බිලියන 50 ක හරිත මූල්‍ය පහසුකමක් හඳුන්වා දෙන්න කියලා. අපේ රටේ බැංකු ඒ සඳහා පොළඹවන්න ඕන. බැංකු ක්‍ෂේත‍්‍රය මූල්‍ය ක්‍ෂේත‍්‍රය කොහාටද හරවන්නෙ කියන හැරවුම් ලක්‍ෂ්‍යය දෙන්න තමයි නියාමකය ඉන්නේ.
මහ බැංකුව තමයි ඊට නායකත්වය දෙන්න ඕන. එහෙම නැතුව එදිනෙදා ඒව පාලනය කරන්න පමණක් මහ බැංකුවක් වැඩක් නැති බවද ජනාධිපති ලේකම්වරයා කීවේය.
තමා ඒ සම්බන්ධයෙන් යෝජනාවක් ඇතුළත් ලියුමක් මහ බැංකුවට යැවූ බවත් ඊට ප‍්‍රතිචාරයක් දක්වයි කියා තමා සිතන බවත් ආචාර්ය ජයසුන්දර මහතා තවදුරටත් කීවේය.
– Divaina