සතොසෙන් අතුරුදන් වූ සුදුළුෑණු කිලෝ 54,680 ලක්ෂ 74කට පිටකොටුවට විකුණලා !

0
323

සතොස මඟින් අලෙවි කිරීමට තිබියදී අතුරුදන් වූ සුදුලූනු කිලෝ 54680ක තොගයම කිලෝව රුපියල් 135 බැගින් රුපියල් ලක්ෂ හැත්තෑහතරක මුදලකට රිසිට් පතක් නිකුත් කිරීමකින් තොරවම පිටකොටුව තොග වෙළෙන්දෙකුට විකුණා තිබෙන බව විමර්ශනවලදී හෙළිව තිබේ. මෙම සුදුලූනූ තොගය රුපියල් කෝටි හතකට වැඩි වටිනාකමකින් යුත් අතර අතුරුදන් වූ සුදුලූනු බහාලුම් දෙක වත්තල, මාබොලේ හා වැලිසර ප්‍රදේශවල තිබියදී පොලීසිය ඊයේ (14) සොයාගෙන තිබේ. වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකින් පසු මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් ද පත් කර තිබේ.

ඒ අනුව මෙම බහාලුම් දෙක සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම් සමත් වී ඇති අතර පොලිසිය මේ සම්බන්ධයෙන් ඊයේ (14) අධිකරණයට වාර්තා කිරීමට නියමිතව තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here