G20 සංසදයේ ආගමික නායකයන් සහ විදේශ ඇමති අතර සාකච්ඡා

0
314

ඉතාලියේ දී මේ දිනවල පැවැත්වෙන ජී20 අන්තර් ආගමික සංසදයට සමගාමීව පැවති අන්තර් හමුවකදී විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා ආගමික නායකයින් කිහිපදෙනකු සමඟ සාකච්ඡාවල නිරත වී තිබේ.

විදේශ අමාත්‍යවරයා බොලොඤ්ඤාහි කාදිනල් අගරදගුරු මතේඕ මරියා සුප්පි හිමි ද සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත.

එමෙන්ම බක්තාෂි මුස්ලිම්වරුන්ගේ ලෝක නායකයා වන 8 වන බෙක්තාෂි දේදේබාබා හි හජ්ජි බබා මොන්ඩි ද මෙහිදී විදේශ ඇමති මහාචාර්ය ජී එල් පීරිස් සමඟ සාකච්ඡා පැවැත්වූ ආගමික නායකයින් අතර විය.

බොලොඤ්ඤාහි පැවැත්වෙන ජී20 අන්තර් ආගමික සංසදය පැවැත්වෙන්නේ ඉතාලි ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහය යටතේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here