Friday, November 15, 2024

බෞද්ධ රට තුල බෞද්ධයන්ට සිදු වූ අහස පොලව නුහුලන අසාධාරණකම් ගැන ඇල්ලේ හිමියන් කියන කතාව

බෞද්ධයනට කොයිතරම් අසාධ්රනකම් සිදු නොවුනත් ඒ  කිසිදු කරුණකට නොමැති තරම් සැලකිල්ලක් පාස්කු ප්‍රහරය් වෙනුවෙන් දක්වා ඇති බවත් ප්‍රහාරය එල්ල කල ය සොයා බලා යුක්තිය ඉටු කරන ලෙස කතෝලික ජනයා ඉල්ලා සිටීම සාධාරණ බවත්  පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ  පවසා සිටියි 

වැඩි දුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ 

ගහක් යට ඉන්නවා නම් සෙවනක් තිබිය යුතුයි. බෞද්ධ අපට කෙසේවුවත් කතෝලික ජනතාව වෙනුවෙන් ඔවුන්ට වුණ අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉටුකරන්න කියල තමයි කාදිනල් හිමියන් එම ඉල්ලීම කරන්නේ. උන්වහන්සේ සෙවනක් වෙන්න හදනවා මියැදුන අයටත් යුක්තිය ඉටුකරපන් කියල. අපේ ජයශ්‍රී මහා බෝධියට, දළදා වහන්සේට ප්‍රහාර එල්ල කළා, අපේ ස්වාමීන් වහන්සේලා ඝාතනය කළා. ඒක ගැන කතා කරන්න කවුරුවත් හිටියේ නැහැ. මේ වගේම ප්‍රශ්න යටපත් කරලා ඒක ඉවර කරලා දැම්මා. ස්වාමීන් වහන්සේලා ඝනතනය කරපු සිද්ධියෙත් තුවාල ලබපු ස්වාමීන් වහන්සේ නමක්ම තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දැම්මෙත්. රජයක් ලෙස එය සිද්ධ කළේ නැහැ. ප්‍රහාරයට සම්බන්ධ අය දේශපාලනයට ඇවිල්ල මැති ඇමතිකම් දරල කටයුතු කළා.”


කතෝලික ජනතාව වෙනුවෙන් කාදිනල් හිමියන් හෝ පෙනී සිටියද හෙට දවසේ පන්සලකට එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් ඒ ගැන කතා කරන්න කිසිවෙකුත් නොමැති අතර සිදුවන්නේ පන්සලේ ස්වාමීන් වහන්සේලාට අඩා වැටීමට පමණක් බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles