රට ඉඳන් එන අයටත් බඩු ගේන්න බැරිද???

0
433

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට පැමිණීමේදී පෞද්ගලික පරිභෝජනය සදහා රැගෙන එන භාණ්ඩවලට නව සීමා පනවා නොමැති බව මුදල් අමාත්‍යංශය පවසනවා. 

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් භාණ්ඩ වර්ග 623 ක් ආනයනය කිරීම සඳහා ඉකුත්දා සිදුකළ කොන්දේසි පැනවීම ඇතැම් පුද්ගලයින් වැරදි ලෙස වටහා ගෙන සිටින බවයි ඇතැම් පුද්ගලයින් සිදු කරන ප්‍රකාශ මගින් පෙනී යන්නේ. 

තමන් ආපසු මෙරටට පැමණීමේදී වෙනදා මෙන් ටොෆි, චොක්ලට් වැනි ආහාර වර්ග මෙන්ම රූපවාහිනී යන්ත්‍ර, වැනි උපකරණ රැගෙන යාමට නොහැකි වනු ඇති බව විදෙස්ගත ඇතැම් ශ්‍රී ලාංකිකයින් ප්‍රකාශ කර ඇති ආකාරය සමාජ මාධ්‍යය ඔස්සේද දැකිය හැකියි. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුනු විමසීමකදී මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල පැවසුවේ විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් මෙරටට රැගෙන එන භාණ්ඩ වර්ග සදහා පෙර පැවති සීමාවන් හැර වෙනත් කිසිදු සීමාවක් පනවා නොමැති බවයි. 

ඒ සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ ආර්ථික විද්‍යාඥ සුභාෂිණී අබේසිංහ කරුණු දැක්වූවා. 

ඇය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් භාණ්ඩ වර්ග 623 ක් සදහා කොන්දේසි පනවා ඇත්තේ අදාළ භාන්ඩ ආනයනය කිරීමට අදාලව පමණක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here