ණය අර්බුදයෙන් මිදෙන හැටි ඇමති ගම්මන්පිල පහදයි

0
325

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති විදෙස් ණය අර්බුදයෙන් මිදීමට ඇති එකම මාර්ගය මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය කිරීම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

මන්නාරම් ද්‍රෝණියේ පිහිටා ඇති ඛනිජ තෙල් සහ ස්භාවික ගෑස් නිධි ගවේෂණ කටයුතු සඳහා මෙරට තුල තාක්ෂණය නොමැති වීමෙන් ඒ සඳහා ජාත්‍යන්තර අයෝජකයින්ගේ සහය ලබා ගැනීමටයි මේ වනවිට අවධානය යොමුව ඇත්තේ.

එම ආයෝජකයින්ට අවශ්‍ය දත්ත රැස්කිරීමේ කාර්යය මේ වනවිට ආරම්භ කර ඇත්තේ බි‍්‍රතාන්‍යයේ බෙල් ජියෝස්පේස් ආයතනය විසින්.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කටුනායක ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පැවති මාධ්‍ය හමුවකට ඊයේ එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here