බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් පමණක් නොව තමා දරන සියළු තනතුරුවලින් ඉවත් වන්න – අගමැති ලොහාන්ට දැනුමි දෙයි

0
336

වැලිකඩ බන්ධනාගාරයට සහ අනුරාධපුර බන්ධනාගාරයට බලහත්කාරයෙන් ඇතුළු වී නොමනා හැසිරීමක් පෙන්නුම් කළ ලොහාන් රත්වත්තේට, ඔහු දරන සියළු අමාත්‍ය ධූරවලින් ඉවත්වන ලෙස, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඉතාලියේ සිටින අග‍්‍රාමාත්‍යවරයා, අගහරුවාදා රාත‍්‍රියේ, ලොහාන් රත්වත්තේට දුරකථන ඇමතුමක් දී මේ බව දැනුම් දී තිබේ.
ඉන්පසුව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් දී ලොහාන්ගේ ඉල්ලා අස්වීම භාර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, ලොහාන් රත්වත්තේ ඉල්ලා අස් වූයේ ඔහු දැරූ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here