ආයේ මේ වගේ මිනිස්සු ආවොත් ඇටකටු කුඩු කරලා හපයක් කරලා එළියට දාන්ඩ…! ෆීල්ඩ් මාර්ෂල් සිරකරුවන්ගෙන් ඉල්ලයි.

0
432

හිටපු බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වන ලොහාන් රත්වත්තේ,
බන්ධනාගාර රැදවියන් දෙදෙනෙකු දණගස්වා, ඔවුන්ගේ හිසට පිස්තෝලය එල්ල කරමින් මරණ තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ, නැවත මෙවැනි පිරිස් බන්ධනාගාරයට පැමිණියහොත්, ඇටකටු කුඩු කර – හපයක් කර – එළියට දමන ලෙස තමන් බන්ධනාගාර රැුදවියන්ගෙන් ඉල්ලා සිටින බවයි.

තමන්ද බන්ධනාගාරගතව සිටි බවත්, බන්ධනාගාර රැදවියන් විදින දුක තමන් හොදින් දන්නා බවත් ෆීල්ඩ් මාර්ෂල් පවසා සිටියේ ය.

එමෙන්ම, ලොහාන් රත්වත්තේගේ පියා වන අනුරුද්ධ රත්වත්තේ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ බවත්, ඔහුගේ ගෞරවයද ලොහාන් විසින් විනාශ කරන බවටද ෆීල්ඩ් මාර්ෂල් චෝදනා කළේය.

Headline News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here