බන්ධනාගාර වල සිදුවීම් ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශන

0
352

බන්ධනාගාර 02 ක පසුගිය දින කිහිපයේදී සිදුව ඇතැයි කියන සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එම කොමිසමේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරීන් 03 දෙනෙකු ඊයේ දිනයේදී අනුරාධපුර බන්ධනාගාරයට ගොස් මූලික විමර්ශනයක් පවත්වා ඇති බව සඳහන්.

එම කොමිසම නිවේදනය කරන්නේ සිද්ධියට සම්බන්ධ සියලුම පාර්ශව වලින් ඉතාම නුදුරේදී ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here