පාර්ලිමේන්තුවේ දෝෂය විසදෙයි – අද යලි රැස්වෙයි…

0
404

පාර්ලිමේන්තුවේ මයික්‍රොෆොන් පද්ධතියේ ඇතිවී තිබූ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත්කර තිබේ.

ඊයේ හවස එය යථා තත්ත්වයට පත් කෙරුණු බවත්,කල්තැබුණු පරිදි අද දිනයේ පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරෙන බවත් නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පවසයි.

එසේම අද දිනයේ පාර්ලිමේන්තු මහලේකම්වරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයා වෙත බාරදුන් බව වාර්තාවූ අතර මීට පෙරාතුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතව තිබුණි.

එහෙත් පාර්ලිමේන්තුව ඊයේ,  හදිසියේ කල්තැබීමට සිදුවීම හේතුවෙන් එහි කටයුතු අද දිනයේ ආරම්භ කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here