Friday, September 20, 2024

බරවාහන රියැදුරු බලපත්‍ර ගන්න ඉන්න අයට පණිවිඩයක්

බරවාහන රියැදුරු බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන රියැදුරන්ට වෛද්‍ය පරීක්ෂණයට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීම (Drug Test) ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක කරන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ මේ වෙනුවෙන් සිදුකරන ලද නියමු ව්‍යාපෘතිය සාර්ථක වූ බවත්, බරවාහන රිය බලපත්‍ර අයැදුම්කරුවන් 500 ක් අතුරින් සිදුකරන ලද පරීක්ෂා කිරීම් මඟින් පනහකට වැඩි රියදුරන් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති පුද්ගලයින් බවට හඳුනාගත් බවයි.

ඒ අනුව ලබන මාසයේ සිට බරවාහන බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන රියැදුරන් සහ කල් ඉකුත් වූ බර වාහන රිය බලපත්‍ර අලුත් කරගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණෙන සියලුම රියැදුරන්ට මුත්‍රා සාම්පල මඟින් සිදුකරන මෙම මත්ද්‍රව්‍ය පරීක්ෂාවට භාජනය කෙරෙනු ඇති.

මෙම පරීක්ෂණයන් දිවයින පුරා පිහිටි ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථාන හරහා සිදු කෙරෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

පළමු පරීක්ෂාවෙන් අසමත් වන රියදුරෙකු දෙසතියකට පසුව සිදුකරන දෙවන මත්ද්‍රව්‍ය පරීක්ෂාවෙන්ද අසමත් වන්නේ නම් එම රියැදුරු හට යෝග්‍ය වෛද්‍ය පරීක්ෂණ සහතිකයක් නිකුත් නොකිරීමද මෙමඟින් සිදු කිරීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles