ඇෆ්ගනිස්තානයේ කාන්තා පාපන්දු කණ්ඩායම පාකිස්ථානයට පළා යයි

0
388

ඇෆ්ගනිස්තානයේ කනිෂ්ඨ කාන්තා පාපන්දු කණ්ඩායම පකිස්තානයට පළාගොස් තිබෙනවා.

ඇෆ්ඝනිස්ථානයේ පාලනය තලිබාන් සාමාජිකයින් කාන්තා අයිතීන්ට එරෙහිව ක්‍රියා කරනු ඇතැයි යන බියෙන් ඔවුන් මාසයක පමණ කාලයක් සැඟවී සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජ්‍යෙෂ්ඨ කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් මීට මසකට පමණ පෙර ඇෆ්ඝනිස්ථානයෙන් පළා ගිය අතර, කනිෂ්ඨ කණ්ඩායමේ සාමාජිකයින්ට විදෙස් ගමන් බලපත්‍ර සහ ලියකියවිලි ගැටලු හේතුවෙන් පළා යාමට නොහැකි වී තිබුණා.

පසුව “Football for Peace” ආයතනයේ මැදිහත් වීමෙන් කනිෂ්ඨ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 32 දෙනෙකුට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පකිස්තානය වීසා පිරිනමා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here