රට තුළ යළිත් අන්තවාදී ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක්? – විමර්ශනයක් අරඹන ලෙස කතෝලික සභාවෙන් පොලිස්පතිට ඉල්ලීමක්

0
538

රට තුළ යළිත් අන්තවාදී ප්‍රහාරයක් එල්ලකිරීමේ සැළසුමක් ඇති බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කර ඇති හෙළිදරව්ව සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් පවත්වන ලෙස කතෝලික සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අදාළ හෙළිදරව්වට අනුව ආරක්ෂක අංශ නිසි පරිදි ක්‍රියා කළේ නම් මේ වනවිටත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිය යුතු බවයි කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමන් කොළඹ අගරදගුරු මැදුරේ අද (16) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ.

යළිත් වරක් රට තුල අන්තවාදී ප්‍රහාරයක් එල්ලවීමේ සැළසුමක් තිබෙන බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළ ප්‍රකාශය සත්‍යයක් නම් උන්වහන්සේ වෙත සිය ස්තූතිය පුද කරන බවත්, මෙම හෙළිදරව්ව කතෝලික සභාව සුලුකොට නොතකන බවත් සිරිල් ගාමිණී පියතුමන් එම මාධ්‍ය හමුවේදී අවධාරණය කළා.
(colombotimes.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here