Saturday, September 21, 2024

ගොවිතැන දියුණු කරන්න මහින්දානන්දගෙන් ටැබ් 10,000 ක්

රටපුරා තොරතුරු ලබා ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ටත් කෘෂිකර්ම ක්ෂේත්‍ර නිලධාරීන්ටත් ටැබ් පරිගණක 10,000 ක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මෙම ටැබ් පරිගණක ලබා දීමෙන් පසුව  අමාත්‍යංශයේ කෘෂිකර්ම දත්ත ගබඩාවක් ස්ථාපිත කෙරෙන අතර එළඹෙන දෙසැම්බර් මාසය වනවිට මෙම දත්ත පද්ධතියේ කටයුතු  50%ක්  නිම කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

මෙම දත්ත පද්ධතිය ක්‍රියාවට නැංවීමෙන් පසු දිවයිනේ කෘෂිකර්ම හා සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඒ මොහොතේ පවතින තොරතුරු ක්ෂණිකව අනාවරණය කර ගත හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Gossiplankanews

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles