Saturday, November 16, 2024

තලේබාන් සංවිධානයේ අභ්‍යන්තර ගැටුමේ තොරතුරැ හෙළිවේ.

ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගැනීමෙන් පසු පිහිටවූ තලේබාන් රජයේ අභ්‍යන්තර අර්බුදය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇමරිකානු හමුදා ආපසු යැවීමේ ගෞරවය බෙදාගැනීම මෙම අර්බුදයට මූලික හේතුව බවයි.

තලේබාන් සංවිධානය සහ ඔවුන් සමග එක්ව සටන් කළ හක්කානි ජාලය අතර මෙම විරසකය පැන නැගී එය සෙසු පාර්ශව වෙතද පැතිර යමින් ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

ඇෆ්ගනිස්තාන ජනාධිපති මන්දිරයේ පැවති එක් සාකච්ඡාවකදී තලේබාන් සංවිධානයේ නායකයෙකු මෙන්ම භාරකාර රජයේ නියෝජ්‍ය අගමැතිවරයාද වන මුල්ලා අබ්දූල් ගානි බර්දාර් සහ හක්කානි ජාලයේ නායකයෙකු වන කලීල් උර් රහමාන් හක්කානි අතර දැඩි වචන හුවමාරැවක් සිදුව ඇතැයි පැවසේ.

මෙම තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ පාලනය දැඩි අස්ථාවර බවක් ගෙන ඇති බවත් ඉදිරියේදී එම තත්වව තවදුරටත් වර්ධනය විය හැකි බවත් විදෙස් විචාරකයෝ සදහන් කරති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles