පකිස්තාන පාලනය යටතේ පවතින අසාද් කාශ්මීරයේත් උද්ඝෝෂණ

0
415

පකිස්තාන තුළ තමන්ව දෙවන පෙළ පුරවැසියන් බවට පත්කර ඇතැයි චෝදනා කරමින් පකිස්තාන පාලනය යටතේ ඇති අසාද් කාශ්මීරයේ විරෝධතා පවත්වා තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ, පල්ලන්දාරි ප්‍රදේශයේ පැවති මෙම විරෝධතා සදහා දහස් ගණනක පිරිසක් එක්ව සිටි බවයි.

පකිස්තානය විසින් කාශ්මීරයේ ජනතාව ආර්ථික සහ සමාජීය වශයෙන් සූරාකන බවට ද විරෝධතාකරැවෝ මෙහිදී චෝදනා කළහ.

කාශ්මීරයේ එක් කොටසක් ජම්මු කාශ්මීරය ලෙස ඉන්දියාවේ පාලනය යටතේ පවතින අතර අසාද් කාශ්මීරය නම් වන අනෙක් කොටස පකිස්තාන පාලනය යටතේ පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here