ලොහාන් රත්වත්තේ මහතා ඇමති ධුරයෙන් අස් වීමෙන් ලබාදී ඇත්තේ මෙරට දේශපාලන සංස්කෘතියටත් නව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
‘වැරදි සිදුවෙන්න පුළුවන් හැබැයි ඒ වැරදි පිළිගෙන නිහතමානීව එම තනතුරින් ඉවත් වීමයි වැදගත් වෙන්නේ. අපේ රටේ දේශපාලන සංස්කෘතියට මීට කලින් වැනි ආදර්ශයන් එකතු වෙලා තිබුණේ නැහැ. ඒ අතින් ලොහාන් රත්වත්තේ මහතා තමන් අතින් සිදු වූ කුමක් හෝ අඩුපාඩුව පිලිඅරන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙලා තියෙනවා’
වැරදි සිදුවීමට හැකි බවත් එම වරද පිළිගෙන නිහතමානීව එම තනතුරෙන් ඉල්ලා අස්වීම වැදගත් බවයි විමල් වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ලොහාන් රත්වත්තේ බන්ධනාගාර අමාත්‍ය ධූරයෙන් පමණක් ඉවත් වී මැණික් හා ස්වර්ණාභරණ අමාත්‍යධූරයේ තවදුරටත් රැඳී සිටීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා.
රත්වත්තේ මහතා බන්ධනාගාර අමාත්‍ය ධූරයෙන් පමණක් ඉවත් වී මැණික් හා ස්වර්ණාභරණ අමාත්‍යධූරයේ තවදුරටත් රැඳී සිටීම ගැන මාධ්‍ය කළ විමසීමේ දී විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කළේ, ලොහාන් රත්වත්තේ ස්වර්ණාභරණ මංකොල්ලයකට ගියා නම් ඔහු එම අමාත්‍ය ධූරයෙන්ද ඉල්ලා අස්වනු ඇති බවයි.