මේ ආණ්ඩුව පත් කිරීම ගැන අපි පශ්චාත්තාප වෙනවා. පාපකර්මවලට හවුල් වෙන්න බැරි නිසා උගතුන් ඉවත් වෙනවා – ඇල්ලේ හිමි

0
657

වර්තමාන ආණ්ඩුවේ පාප කර්ම වලට දායක නොවුණා යැයි සිත හදා ගැනීමට උගතුන් බුද්ධිමතුන් තනතුරුවලින් ඉල්ලා අස් වෙමින් ඇතැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

තමන්ගේ ආත්ම ගෞරවය රැක ගැනීමට ඉල්ලා අස්වීම හැර ඔවුන්ට විකල්පයක් නැතැයි ද උන්වහන්සේ පවසති.

ආණ්ඩුවට ජනතාව විසින් බලය වසර පහකට පමණක් ලබා දුන්නේ රට වෙන්දේසි කිරීමට නොවන බව ද උන්වහන්සේ පැවසූහ.

කොළඹ ධර්මායතනයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

‘සෙලන්දිවා’ යටතේ මෙරට ප්‍රධාන පෙළේ ගොඩනැගිලි ඇතුළු බිම් කඩවල් විසිගණනක් දීමට යන බව ද උන්වහන්සේ චෝදනා කළහ.

තමන් ද ඇතුළුව ලක්ෂ හැට නවයක් ජනතාව මේ ආණ්ඩුව පත් කිරීමට දායක වීම ගැන පශ්චාත්තාප වන බව ද උන්වහන්සේ එහිදී කියා සිටියහ.

Lanka C News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here