ඔන්ලයින් උගන්වන පාසල් ගුරුවරුන්ට තර්ජනය කරන්නේ නම් පොලිසියට කියන්න

0
383

මාර්ග ගත ක්‍රම ඔස්සේ දරුවන්ට ඉගැන්වීම්වල නිරතව සිටින පාසල් ගුරුවරුන්ට එල්ලවන තර්ජන සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

ගුරු වර්ජනය පැවතියත් ඇතැම් පාසල් ගුරුවරු ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

එසේ ඉගැන්වීම්වල නිරතව සිටින ගුරුවරුන්ට ඉගැන්වීම්වල නිරතනොවන ලෙසට බලපෑම් කරන්නේ නම් හෝ තර්ජනය කරන්නේ නම් වහාම ඒ ගැන 119 හදිසි ඇමතුම් අංශයට හෝ ළගම ඇතිිපොලීසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here