ක්ෂේත්‍ර කිහිපයක සීමා ඉවත් කෙරේ

0
318

සෞඛ්‍ය නිර්දේශ මත දැනට සීමා පනවා ඇති ක්ෂේත්‍ර කිහිපයක සීමා ඉවත් කිරීමට කොවිඩ් කාර්ය සාධක බළකායේ අවධානය යොමු වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීම පැවැති අවස්ථාවේ දී මේ පිළිබඳ ඉල්ලීම යොමු කර ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසිනි. ආදායම් ලබන රාජ්‍ය ආයතන කොටස් වශයෙන් විවෘත කිරීම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයන් ගෙන්වීමට අවසර ලබා දීම, ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම, ත්‍රිරෝද රථ ධාවනයට අවසර ලබා දීම එම ඉල්ලීම් වෙයි.

ජනාධිපතිවරයා ඒ සඳහා අවසර ලබා දුන් අතර පොලිසිය හා සෞඛ්‍ය සේවා දැඩි අධීක්ෂණයක් කළ යුතු බව ද ප්‍රකාශ කළේය. දිවයිනේ සෑම ප්‍රදේශයකටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දෛනිකව ලැබීමේ වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කිරීමේ කාර්ය වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධනට පවරා දෙනු ලැබීය.

සෑම ප්‍රදේශයකම පවතින ප්‍රශ්න පිළිබඳ පොලිස් ස්ථාන මගින් දෛනික වාර්තාවක් ලබා ගෙන අදාළ රාජ්‍ය ආයතනවලට යොමු කරන ලෙසද ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත. අනවශ්‍ය පුද්ගලයන් මාර්ගවල ගමන් කිරීම නතර කරන ලෙස ද ඔහු පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here