Afghanistan – ළමුන් අනතුරේ.!

0
421
Members of an internally displaced Afghan family who left their home during the ongoing conflict between Taliban and Afghan security forces arrive from Qala-i- Naw, in Enjil district of Herat, on July 8, 2021. (Photo by Hoshang Hashimi / AFP)

ඇෆ්ගනිස්තානයේ ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කෙරේ.

ළමුන් සහ යුද ගැටුම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නි⁣යෝජිත වර්ජීනිය ගැම්බා සදහන් කරන්නේ, ඇෆ්ගනිස්තානය තුළ ඉහළ යමින් ඇති ප්‍රචණ්ඩත්වය ළමුන්ට ඉතා අහිතකර ලෙස බලපා ඇති බවයි.

මේ වසරේ ජනවාරි සිට ජූනි මාසය දක්වා කාලය තුළ ගැටුම් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ ළමුන් 1682 දෙනෙකුට තුවාල සිදුව තිබේ.

එය සමස්ත තුවාලකරුවන්ගෙන් සියයට 32 ක් තරම් ඉහළ අගයක් වන අතර 2020 වසරේ මුල් මාසහයට වඩා සියයට 55ක වැඩිවීමකි.

මෙි අතර ළමුන් සන්නද්ධ ක්‍රියාකාරකම් සදහා යොදාගැනීමෙන් වළකින ලෙසට එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ද තලේබාන් සංවිධානය වෙත අනතුරැ අගවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here