කොරෝනා මදි නිසා තව ක්ෂුද්‍රජීවී විශේෂයක් චීනයෙන්…?

0
298

චීනයෙනන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර සාම්පලවල තිබී මෙරට වගාවන්ට අහිතකර ක්ෂුද්‍ර ජීවී විශේෂයක් හමුවී ඇති බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව චීන වරායේ මේ වන විට ඇති පොහොරවල මෙම ක්ෂුද්‍ර ජීවීන් නොමැති බවත් අදාළ පොහොර නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවෙන් ගෙන්වන ලද සාම්පලයක තිබී මෙම ක්ෂුද්‍ර ජීවී විශේෂය හමුවී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් අදාළ පොහොර තොග ලංකාවට පැමිණි පසුවද පරීක්ෂාවකට ලක් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එම ක්ෂුද්‍ර ජීවීන් සොයා ගැනීම සැක කටයුතු නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණිලි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එළඹෙන මහ කන්නය සඳහා ආනයනය කරන කාබනික පොහොරවල කිසිදු ශාක, සත්ව හා මනුෂ්‍යයින්ට හානිකර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් නොමැති බවට රජය සහතික වන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, සාධාරණ මිලක් ගොවීන්ට ලබා දී තිබියදී දිගින් දිගටම උද්ඝෝෂණ කළහොත් වෙළෙඳ අමාත්‍යවරයාට සහල් ආනයනය කිරීමට සිදු වනු ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here