මෙරට සම්පූර්ණ ජනගහනයෙන් 50%ක් එන්නත්කර අවසන් – චන්න ජයසුමන

0
316

මෙරට ජනගහනයෙන් 50%ක් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව, එන්නත්කරණය සම්පූර්ණ කළ සමස්ත පුද්ගලයින් ගණන 10,968,195ක් වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සයිනොෆාම් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රා පුද්ගලයින් 8,973,670 දෙනෙකුටත්, ෆයිසර් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රා 243,685 දෙනෙකුටත් ලබාදී ඇත.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රා 949,105 දෙනෙකුටත් ලබාදී ඇති අතර ස්පුට්නික් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රා 43,453 දෙනෙකුට ලබාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here