මට විරුද්ධව බන්ධනාගාරය ඇතුළෙන් කුමන්ත්‍රණයක් ආවා – ලොහාන්

0
332

තමාට එරෙහිව යන මඩ ප්‍රචාර ඇතැම් කූඨ වංචනික බන්ධනාගාර නිලධාරීන් පිරිසකගේ කුමන්ත්‍රණයක් බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබද හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.
දූෂිත බන්ධනාගාර නිලධාරීන්ගේ සොරකම් සහ ජාවාරම් අල්ලා නීතිය ක්‍රියාත්මක කළ නිසා තමාට බන්ධනාගාරය ඇතුළතින් කුමන්ත්‍රණයක් පැමිණි බවත් දූෂණ මර්දන වැඩපිළිවෙළ නිසා බොහෝ බන්ධනාගාර නිලධාරීන්ට හොර ජාවාරම් කිරීමට නොහැකිවීමෙන් ඔවුන් තමා සමග උරණව සිටි බවත් හෙතෙම කීවේය.
තමා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ගිය බව සැබෑවක් නමුත් ප්‍රචාරය වන ආකාරයේ කිසිදු නොහික්මුණු සිද්ධියක් එම ස්ථානවලදී නොවූ බව පැවසූ රත්වත්තේ මහතා තමා ගියේ එම බන්ධනාගාරවල තත්වය සහ සිරකරුවන්ගේ සුබසාධන කටයුතු පරික්ෂා කිරීමට බවද පැවසුවේය.
බන්ධනාගාරවලට නිතර ගොස් ඒවායේ සිර මැදිරි සහ මුළුතැන්ගෙවල් පරීක්ෂා කිරීම තමා පුරුද්දක් ලෙස කරගෙන ගිය බවද ඔහු කීවේය.
තමා රූප සුන්දරියක් සමග බන්ධනාගාරයට ගිය බවටද බොරු ප්‍රචාරයක් පතුරවමින් ඇති බවත් තමා එවැනි කාන්තාවන් ගැන අසා ඇති නමුත් ඇය පෞද්ගලිකව හඳුනන්නේ නැති බවත් ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here