බන්ධනාගාරය තුළට විසි කරන ලද සැක කටයුතු පාර්සල් කිහිපයක් බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට

0
329

වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයෙන් බන්ධනාගාරය තුළට විසි කරන ලද සැක කටයුතු පාර්සල් කිහිපයක් බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක සදහන් කළේ අදාළ පාර්සල් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ඇසුරුමක්, ජංගම දුරකථන දෙකක්, සිම්පතක්, මත්පෙති බවට සැක කෙරෙන පෙති 35ක් සහ ජංගම දුරකථන බැට්රියක් සොයා ගැනුණු බවයි.

බන්ධනාගාරය තුළට එම ද්‍රව්‍ය අඩංගු පාර්සල වනාතමුල්ල ප්‍රදේශයේ සීමා තාප්පයට ඉහළින් විසි කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

වැඩිදුර විමර්ශන සදහා එම පාර්සල බොරැල්ල පොලීසියට භාර දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here