ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ නව විධායක අධ්‍යක්‍ෂවරයා වැඩ භාර ගනී

0
359

විදේශ ඇමති හා ආයතන මණ්ඩලයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් තානාපති දයන්ත ලක්සිරි මෙන්ඩිස් මහතා ලක්‍ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ (LKIIRSS) නව විධායක අධ්‍යක්‍ෂ ලෙස පත් කරන ලදි. 

තානාපති මෙන්ඩිස් මහතා බදාදා (15) කොළඹ ආයතන පරිශ්‍රයේදී වැඩ භාර ගත්තේය. මෙම අවස්ථාවට මණ්ඩලයේ සාමාජිකයින් වන සුගන්ති කදිරගාමර් මහත්මිය සහ කෝසල  වික්‍රමනායක මහතා, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් තානාපති පමෙලා ඩීන්, LKIIRSS හි අධ්‍යක්ෂ චතුක සේනානායක මහතා සහ විදේශ අමාත්‍ය කාර්යාල නියෝජිතයින් ද සහභාගී වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here