ජනපති නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි

0
348

එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව්යෝර්ක් නුවරට ළඟා වී තිබේ.

නිව්යෝර්ක්හි ජෝන් එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන්තොටුපොළට ළඟා වූ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ලබන 21 වන අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇරඹීමට නියමිතය.

මහ මණ්ඩල සැසිවාරයේ විදේශ අමාත්‍ය මට්ටමේ සමුළුව හෙට (20) පෙරවරුවේ ආරම්භ වන අතර සමුළුවට සහභාගීවීම සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයින් මේ වන විටත් නිව්යෝර්ක් නුවරට පැමිණ සිටී.

රාජ්‍ය නායක සමුළුවේ දෙවන දින පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දේශනය කිරිමට නියමිතය.

එමෙන්ම 23 වන දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වෙනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපතිවරයා අදහස් දැක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here